ලංකාවට ‘ශීලවතී’ එවූ ලේඩි ඩොන් ඇතුළු කල්ලිය අල්ලයි

ඉන්දියාවේ නර්සිපට්නම් සිට තමිල්නාඩුවට සහ ශ්‍රී ලංකාවට ශීලවතී ප්‍රභේදයට අයත් ගංජා සැපයූ බවට චෝදනා මත පුද්ගලයන් අටදෙනෙක් අනකපල්ලේ දිස්ත්‍රික්කයේ නතාවරම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආන්ද්‍රා-ඔඩිෂා දේශසීමාවේ සිට ශ්‍රී ලංකාවට ගංජා ප්‍රවාහනය කළ පළමු අවස්ථාව මෙය බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගැනුණු පිරිස අතර කාන්තාවක් ද සිටින අතර, 28 හැවිරිදි ගඩේ රේණුකා ලෙස හඳුනාගෙන ඇති ඇය පයාකරෝපේටා, නර්සිපට්නම්, සලුරු සහ බැංගලෝර් හරහා ගංජා ජාවාරමේ නිරත වූ බවට තොරතුරු වාර්තා වනවා.

ඒ හේතුවෙන් ඇයට ‘ලේඩි ඩොන්’ යන අන්වර්ථ නාමය ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

රේණුකා සහ ඇගේ සහකරු වන සූර්ය කාලිදාස්, ඔඩිෂාවෙන් ගංජා මිලදී ගෙන තමිල්නාඩුවට සහ ශ්‍රී ලංකාවට සැපයීම සඳහා නර්සිපට්නම් හි නිවසක් කුලියට ගෙන ඇති අතර, රේණුකා මෙහෙයුම් පුළුල්කිරීම සඳහා බැංගලෝර් සහ කොයිම්බතූර්වල ද , නිවාස කුලියට ගනිමින් ජාලයක් ස්ථාපිත කර ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

තමිල්නාඩුව පදනම් කරගත් ජාවාරම්කරුවන් සමඟ ඇති සම්බන්ධතා උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවට ගංජා තොග යැවීම සඳහා රේණුකාගේ කල්ලිය කටයුතු කරන අතර තුර, ඔවුන් තමිල්නාඩුව පුරා ද කුඩා පැකට් ලෙස ගංජා අලෙවි කර ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?