අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ලබන ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඔහුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගිය 26 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
2001 වසරේ දී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනි අවියක් 2019 වසරේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සඟවා සොයාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1














