කිසිඳු ආකාරයේ මාධ්‍ය මර්ධනයක් නැහැ – ඇමති නලින්ද

කිසිඳු ආකාරයක මාධ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසුවේ සමාජ මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය හා ඉලෙක්ට්‍රිනික් මාධ්‍යවලට වුවමනා තරම් ආණ්ඩුව විවේචනය කර ආණ්ඩුවේ අඩුපාඩුකම් පෙන්වා දිය හැකි බවයි.

කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය නාළිකා සහ ඇතැම් සමාජ මාධ්‍ය කණ්ඩායම් විකෘති සහ බොරු පුවත් නිර්මාණය කරමින් ආපදාවෙන් රට ගොඩඒමේ ක්‍රියාවලියට බාධා පමුණුවමින් සිටින බවයි ඔහු පැවසුවේ.

ඊට අමතරව එම නාළිකා සහ ඇතැම් සමාජ මාධ්‍ය කණ්ඩායම් සෞඛ්‍ය ක්ෂේත්‍ර පිළිබඳව අවිශ්වාසයක් ඇති කිරීමට සහ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනය එල්ලවන ආකාරයේ පුවත් ප්‍රචාරය කරමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එවැනි අවස්ථාවල දී රට තුළ පවතින සාමාන්‍ය නීතිය අනුව කටයුතු කිරීමට රජය බැඳී සිටින බවයි ඔහු අවධාරණය කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එවැනි ආකාරයේ දුස්මත, විකෘතිමත ප්‍රචාරය කරනු ලබන මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්න මහජනතාව ආණ්ඩුවෙන් විමසා සිටින බවයි.

කෙසේ වෙතත් එවැනි විකෘති පුවත් නිර්මාණය වූ පසු, ආණ්ඩුව ඉතා සංයමයෙන් ඒවා නිවැරදි කරගැනීමට මැදිහත්ව කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා මාධ්‍ය මර්ධනය කිරීමට වුවමනාවක් නොමැති බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?