කිසිඳු ආකාරයේ මාධ්‍ය මර්ධනයක් නැහැ – ඇමති නලින්ද

කිසිඳු ආකාරයක මාධ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසුවේ සමාජ මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය හා ඉලෙක්ට්‍රිනික් මාධ්‍යවලට වුවමනා තරම් ආණ්ඩුව විවේචනය කර ආණ්ඩුවේ අඩුපාඩුකම් පෙන්වා දිය හැකි බවයි.

කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය නාළිකා සහ ඇතැම් සමාජ මාධ්‍ය කණ්ඩායම් විකෘති සහ බොරු පුවත් නිර්මාණය කරමින් ආපදාවෙන් රට ගොඩඒමේ ක්‍රියාවලියට බාධා පමුණුවමින් සිටින බවයි ඔහු පැවසුවේ.

ඊට අමතරව එම නාළිකා සහ ඇතැම් සමාජ මාධ්‍ය කණ්ඩායම් සෞඛ්‍ය ක්ෂේත්‍ර පිළිබඳව අවිශ්වාසයක් ඇති කිරීමට සහ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනය එල්ලවන ආකාරයේ පුවත් ප්‍රචාරය කරමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එවැනි අවස්ථාවල දී රට තුළ පවතින සාමාන්‍ය නීතිය අනුව කටයුතු කිරීමට රජය බැඳී සිටින බවයි ඔහු අවධාරණය කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එවැනි ආකාරයේ දුස්මත, විකෘතිමත ප්‍රචාරය කරනු ලබන මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්න මහජනතාව ආණ්ඩුවෙන් විමසා සිටින බවයි.

කෙසේ වෙතත් එවැනි විකෘති පුවත් නිර්මාණය වූ පසු, ආණ්ඩුව ඉතා සංයමයෙන් ඒවා නිවැරදි කරගැනීමට මැදිහත්ව කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා මාධ්‍ය මර්ධනය කිරීමට වුවමනාවක් නොමැති බවයි පැවසුවේ.

  1. ඇයි කෙලින්ම කියන්න බැරි හිරු සහ දෙරණ විසින් ගෙනියන ජඩ මාද්‍ය අපි වහනවා කියලා. මංගල සමරවීර ඇමති වරයා කොච්චර මේ ගැන කෙලින් කිව්වද මතක නැද්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් හිරු වහල දැම්මා. මේ මාද්‍ය දෙක මේ රටටම පිළිලයක්. දැන්වත් කොන්ද කෙලින් තීරණ ගන්න. ඔහොම ඇඹරෙන්න නෙමෙයි මිනිස්සු චන්දෙ දුන්නෙ එක එකාට බයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50