සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තුන්වන විස්සයි විස්ස තරගය අද (26) පැවැත්වීමට නියමිතයි.
අද තරගය තිරුවානන්තපුරම් හිදී පැවැත්වෙන අතර, තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙක ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළා.
මේ අතර දෙරට අතර අද (26) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම යම් හෙයකින් පරාජයට පත් වුවහොත් ජාත්‍යන්තර කාන්තා විස්සයි විස්ස පිටියේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්වූ කණ්ඩායම ලෙස පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමඟ සමතැන ගැනීමට සිදුවනවා.
සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු විස්සයි විස්ස තරග කඩුලු 08කින් ජය ගැනීමට හැකිවූ අතර, දෙවන තරගය ඔවුන් ජයගත්තේ කඩුලු 07කින්.




