ඉන්දියාවේ විශාල බස් රථ අනතුරක් නිසා ඇති වූ ගින්නකින් 09 දෙනෙක්ට දිවි අහිමි වෙයි

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේදී අද (14) අලුයම පෞද්ගලික බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බස් රථය සහ ට්‍රක් රථය එකිනෙක ගැටීමත් සමඟ ක්ෂණිකයෙන් ඇති වූ ගින්නට හසු වී මෙලෙස පුද්ගලයන් නව දෙනෙක්ට දිවි අහිමි වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

බස් රථය බැංගලෝර් සිට ශිවමෝග්ගා දක්වා ගමන් ගත් බස් රථයක් වූ අතර අලුයම 02.30 ට පමණ ජාතික අධිවේගී මාර්ගයේ (NH-48) දී මෙම අනතුර සිදුව තිබෙනවා.

මාර්ගයේ මධ්‍යයේ ඇති මාර්ග බෙදුම් සීමාවෙන් මාර්ගයේ අනෙක් දෙසට බස් රථය ඇදීයාම නිසා මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනයන්ගෙන් අනවරය වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?