ඉන්දීය විදේශ ඇමති සිය දෙදින සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ඉන්දීය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමාකර, ඔහු පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයෙන්ම අද (23) දින සවස කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

ඔහු මෙරට රැදී සිටි කාළය තුළ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් හමුවූ අතර එහිදී ලංකාව මුහුණදුන් ආපදා තත්ත්වය සහ රට යළි ගොඩ නැංවීමට ඉන්දීය සහය ලබාදීම පිළිබදවද සාකච්ඡා කෙරුණා.

එතුමා ඇතුළු එරට දූත පිරිස ඔවුන් පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 031 දරන ගුවන් යානයෙන්ම අද (23) දින සවස 05.49 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා.

විදේශ අමාත්‍යවරයාට සමු දීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?