සැමියා මරා සිරුර ලී ඉරන යන්ත්‍රයකින් කොටස් කරලා – බිරිඳ සහ පෙම්වතා අත්අඩංගුවට

තම සැමියාට පහර දී ඝාතනය කර ඔහුගේ සිරුර ලී ඉරන යන්ත්‍රයකින් කොටස් කළ බවට චෝදනා එල්ල වී ඇති කාන්තාවක් සහ ඇගේ පෙම්වතා බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනුණු පුවතක් වාර්තා වනවා.

ඉන්දියාවේ චන්දූසි දිස්ත්‍රික්කයේ මොහල්ලා චුන්නි ප්‍රදේශයේ දී පසුගියදා මෙම සිදුවීම සිදුව ඇති අතර, සැකකරුවන් පසුගිය 20 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහල්ලා චුන්නි ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් විසින් තම සැමියා වන 38 හැවිරිදි රාහුල් නැමැත්තා, නොවැම්බර් 18 වන දින අතුරුදහන්ව ඇති බවට පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

එම පැමිණිල්ලෙන් දින කිහිපයකට පසු එනම් පසුගිය දෙසැම්බර් 15 වන දින ඊද්ගා ප්‍රදේශය අසල කාණුවකින් විකෘති වූ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, එම මළ සිරුරේ හිස, අත් සහ කකුල් නොතිබූ බවයි පොලිසිය පවසන්නේ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති අතර, එම සිරුරේ “රාහුල්” යන නම පච්චයක් ලෙස කොටා ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම අසල පොලිස් ස්ථානවල අතුරුදහන් වූවන්ගේ වාර්තා සමාලෝචනය කිරීමෙන් සහ තාක්ෂණික විශ්ලේෂණයෙන් හෙළි වූයේ නොවැම්බර් 18 වන දින සිට රාහුල්ගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර ඇති බවයි.

වැඩිදුර විමර්ශනයේදී පැමිණිල්ල සිදුකළ බිරිඳ කෙරෙහි පොලිසියට සැකයක් ඇතිව ඇති අතර, ඇයගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී අනවරණය වී ඇත්තේ තම පෙම්වතා වන ගෞරව්ගේ සහාය ඇතිව සැමියා ඝාතනය කළ බවයි.

ගෞරව් සමඟ පැවති අනියම් සම්බන්ධය සැමියාට හසුවූ පසු ඔහුව යකඩ පොල්ලකින් සහ යකඩ පළිහකින් පහර දී ඝාතනය කර ඇති බවයි ඇය වැඩිදුරටත් පාපොච්චාරණය කර ඇත්තේ.

අනතුරුව ලී ඉරන යන්ත්‍රයකින් සිරුර කොටස් කර, මළ සිරුරේ එක් කොටසක් කාණුවට දමා ඇති අතර,ඉතිරි කොටස් රාජ්ගාට් වෙත ගෙන ගොස් ගංගා ගඟට විසි කළ බව තවදුරටත් පවසා තිබෙනවා.

මළ සිරුර කැපීමට භාවිත කළ බව කියන ලී ඉරන යන්ත්‍රය, යකඩ මිටිය සහ පහරදීමට භාවිත කළ අනෙකුත් මෙවලම් පොලිසිය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
6
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?