නායයාම් ආශ්‍රිත පාසල් වෙනත් තැන්වලට – අගමැතිනිය යුනිසෙෆ් නියෝජිතයින්ට කියයි

දිට්වා සුළි කුණාටුවත් සමඟ ආපදාවට පත් පාසල් යළි යථාතත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (20) පැවති මෙම හමුවේ දී ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ ශිෂ්‍ය ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සහ හානියට පත් වූ පාසල් පද්ධතිය යළි නගාසිටුවීම සඳහා රජය කටයුතු කරන ආකාරය පිළිබඳව සහ ඊට ඇති අභියෝග පිළිබඳව අග්‍රාමාත්‍යවරිය, නියෝජිතයින් පිරිසට කරුණු පැහැදිලි කළා.

නායයාම් ආශ්‍රිත පාසල් නැවත එම ස්ථානවලම විවෘත කිරීම අතිශය අනතුරුදායක බැවින් එවැනි පාසල් හඳුනාගෙන, විද්‍යාත්මක පදනමක් මත සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම කෙරෙහි රජය අවධානය යොමුව ඇති බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.

එමෙන්ම පාසල්වල යටිතල පහසුකම් යළි ඇති කිරීම, ඇතැම් පාසල් එකට සම්බන්ධකර පවත්වාගෙන යාම, ඩිජිටල් හා තාක්ෂණික උපාය මාර්ගවලින් ඉගෙනුම් හා ඉගෙනීම් ක්‍රියාවලිය පහසු කිරීම, විශේෂිත ප්‍රවාහන පහසුකම් සැලසීම වැනි අංශ පිළිබඳ අවධානය යොමුකර තිබෙන බවත්, රජය මෙම ගැටලු දෙස ගැඹුරින් බලමින්, එයට දිගුකාලීන විසඳුම් සෙවීම කෙරෙහිද අවධානය යොමු කර තිබෙන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නා.

අධ්‍යාපන ක්ෂේත්‍රය යළි යථා තත්ත්වයට පත්කරලීමට රජයක් වශයෙන් දක්වන කැපවීම සහ ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ඇගයීමට ලක් කළ යුනිසෙෆ් නියෝජිත පිරිස රජයට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56