පමුණුගම පොලිස් වසමේ සේදවත්ත ප්‍රදේශයේ දී පොල්ලකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (13) පස්වරුවේ මෙම අපරාධය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ වයස අවුරුදු 38ක වූ තුඩැල්ල, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ ඔහුගේ සහෝදරයාගේ පවුල් අතර කලක සිට ආරවුලක් පැවති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
එම ආරවුලක් දුර දිග යාම හේතුවෙන් වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.
වයස අවුරුදු 42ක් වන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
+1
+1
1
+1
+1
1















