මේ වන විට දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද (10) දිනයේ දී උතුරු, උතුරු – මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව අද උදෑසන නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.
ඒ අතරින් උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම මධ්‍යම සහ ඌව පළාත්වලද ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඊට අමතරව උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40 ක පමණ තරමක තද සුළං ඇති වීමේ හැකියාවක්ද පවතිනවා.
සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද පැවසෙනවා.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.





