පළාත් 03කට මි.මී 100ට වැඩි තද වැසි

මේ වන විට දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (10) දිනයේ දී උතුරු, උතුරු – මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව අද උදෑසන නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අතරින් උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම මධ්‍යම සහ ඌව පළාත්වලද ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඊට අමතරව උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40 ක පමණ තරමක තද සුළං ඇති වීමේ හැකියාවක්ද පවතිනවා.

සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද පැවසෙනවා.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ ආරාධනයෙන් ආ හිටපු ජනපති රනිල්ට ලැබුණු පිළිගැනීම...
00:48
Video thumbnail
රට වටේ ඉන්න දක්ෂ ක්‍රීඩකයින් සොයා යන ගමන..ක්‍රීඩා ඇමති හෙළිකරයි
06:45
Video thumbnail
සජිත් ළඟට ආපු නාමල් රාජපක්ෂව උණුසුම් ලෙස පිළිගත්තු හැටි...
00:38
Video thumbnail
අර්චුනා හඬා වැටෙමින් පාර්ලිමේන්තුවම සංවේදී කරයි...
00:39
Video thumbnail
සජිත් එක්ක සාකච්ඡාවට නාමලුත් එයි
01:02
Video thumbnail
රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කාර්යාලයට එයි
01:06
Video thumbnail
කොටගල මන්ත්‍රීට ප#හරදුන් මාලිමාවේ සංවිධායකව අත්අඩංගුවට ගන්න කියලා උද්ඝෝෂණයක
02:16
Video thumbnail
විපක්ෂයේ හමුව ගැන මහින්දගෙන් සැර කතාවක් - යන එන මං නැතිවුණ විපක්ෂය බයවෙලා
02:41
Video thumbnail
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අජිත් පී පෙරේරා නැත්තටම නැතිකරයි
09:04
Video thumbnail
හෝමාගම සලිත කළ ගින්න ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්..පරිසර බලපත්‍රය 2023 ඉදන් අරගෙන නෑ ?
04:21