දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මහ කන්නයේ එළවළු වගාවෙන් 40% කට පමණ හානි සිදුව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි සඳහන් කළේ එළවළු වගාකර තිබූ හෙක්ටයාර 6,000කට මින් හානි සිදුව ඇති බවයි.
මෙවර මහ කන්නයේ හෙක්ටයාර 15,000ක එළවළු වගාකර තිබුණා.
ඊට අමතරව වී වගා හෙක්ටයාර 130,000 කට හානි සිදුව ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම බඩ ඉරිඟු වගා බිම් හෙක්ටයාර 6,500 කට ද දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් හානි සිදුව තිබෙනවා.
අතිරේක බෝග වගාවලින් 35%ක පමණ ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර, එය හෙක්ටයාර 9,000ක ප්‍රමාණයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1





