ආපදා තත්ත්වයෙන් එළවළු වගාවෙන් 40% කට හානි – වී වගාවෙන් හෙක්ටයාර 130,000 කටත් හානි

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මහ කන්නයේ එළවළු වගාවෙන් 40% කට පමණ හානි සිදුව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි සඳහන් කළේ එළවළු වගාකර තිබූ හෙක්ටයාර 6,000කට මින් හානි සිදුව ඇති බවයි.

මෙවර මහ කන්නයේ හෙක්ටයාර 15,000ක එළවළු වගාකර තිබුණා.

ඊට අමතරව වී වගා හෙක්ටයාර 130,000 කට හානි සිදුව ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම බඩ ඉරිඟු වගා බිම් හෙක්ටයාර 6,500 කට ද දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් හානි සිදුව තිබෙනවා.

අතිරේක බෝග වගාවලින් 35%ක පමණ ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර, එය හෙක්ටයාර 9,000ක ප්‍රමාණයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29