කැළණි ගඟේ දකුණු ඉවුරේ ජල මට්ටම උපරිම මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට හදිසි උපදේශනයක් නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරිය බණ්ඩාර අනතුරු ඇඟවූයේ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින් වහාම ආරක්ෂිත ස්ථාන කරා යිමුවන් ලෙසයි.
කිසිදු තත්වයක් යටතේ ගංවතුර නැරඹීම සඳහා යෑමෙන් වළකින ලෙසද ඔහු අනතුරු ඇඟවා සිටියා.
තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, සියලු පූර්වාරක්ෂාව පියවර ගෙන ඇති බවත් නිලධාරීන් අවධාරණය කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
4
+1
1
+1





