ජලභීතිකා එන්නත ගෙන්වන්න අනුමැතිය

ජලභීතිකා රෝගය වැළඳීම වැළැක්වීම සඳහා භාවිතා කරනු ලබන රේඛීස් එන්නත් (මිනිස් පරිහරණය) මිලිලීටර 0.5/මිලිලීටර 1න් අක්‍රීය කරන ලද මාත්‍රා 3,000,000ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවා තිබෙනවා.

ඒ සඳහා ලංසු හතරක් ලැබී ඇති බවයි කැබිනට් තීරණය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.

ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව, එම ප්‍රසම්පාදනය ශ්‍රී ලංකාවේ Citihealth Imports (Pvt) Ltd. (Manufacturer: Serum Institute of India Pvt. Ltd., India) වෙත මුළු පිරිවැය රුපියල් මිලියන 360ක (වැට් රහිත) මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?