ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ගත කරන්නේ ඉතා අසීරු සහ අඳුරු කාල සීමාවක බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජනිත් ලියනගේ පවසනවා.
ඒ, අනුව කණ්ඩායම නැවත නැඟී සිටීමට නම් ඒකාකාරීව ක්‍රීඩා කළ යුතු බවයි ජනිත් ලියනගේ සඳහන් කළේ.
තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ දී පකිස්ථානය හමුවේ ඊයේ (22) ලැබූ අවමන් සහගත තරග පරාජයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මෙම අදහස් පළ කළා.
මෙම මධ්‍ය හමුවේ දී පාකිස්ථාන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ, “මේක නෙවෙයි අපි ශ්‍රී ලංකා ක්‍රිකට්වල දැක්කේ, අපි බලාපොරොත්තු වුනේ මෙය නෙවෙයි. මට හිතෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගයේ නැහැ. ඔවුන් හැඟීම්වලට වහල් වෙලා. ඔබ මොනාද හිතන්නේ.?”
එහිදී පිළිතුරු ලබාදෙමින් ජනිත් ලියනගේ සඳහන් කළේ, “ඔව් ඇත්තෙන්ම, අපි හොඳින් ක්‍රීඩා කළේ නැහැ,මම හිතන්නේ අපි ක්‍රිකට්වල මූලික දේවල් හරියට කරන්න වෙනවා. ඔබ දන්නවා කණ්ඩායමේ හැකියාව අපි මීට වඩා තරගකාරී සහ එකාකාරී ලෙස ක්‍රීඩා කළ යුතුයි. ඉදිරියේ දී ලෝක කුසලානය එනවා තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී, අපි දන්නවා ශ්‍රී ලංකාවේදී අපි කොපමණ හොඳද කියලා.ඒ වගේම අපි ශ්‍රී ලංකාවෙන් පිට ගියාමත් හොඳින් ක්‍රීඩා කරන්න ඕන. අපි ඒ ගෙන කල්පනා කරනවා. අපි දැන් ලෝක කුසලානය ගැන හිතන්නේ නැහැ බලන්න ඕන මෙම තරගාවලිය ගැන.”
මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ජනිත් සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා නොකළ බවත්, වෙනුවෙන් ශ්‍රී ලංකා ප්රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවයි.
එමෙන්ම රට වෙනුවෙන් ඉදිරියේ දී කණ්ඩායමක් ලෙස නැවත නැඟී සිටින බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.
ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගීවන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (22) පැවති තරගය ශ්‍රී ලංකාව පාකිස්ථානය හමුවේ කඩුලු 07ක පරාජයක් අත්කර ගත්තා.





