අපි ඉන්නේ අසීරු සහ අඳුරු කාල සීමාවක – කණ්ඩායමක් ලෙස නැවත නැඟිටිනවා

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ගත කරන්නේ ඉතා අසීරු සහ අඳුරු කාල සීමාවක බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජනිත් ලියනගේ පවසනවා.

ඒ, අනුව කණ්ඩායම නැවත නැඟී සිටීමට නම් ඒකාකාරීව ක්‍රීඩා කළ යුතු බවයි ජනිත් ලියනගේ සඳහන් කළේ.

තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ දී පකිස්ථානය හමුවේ ඊයේ (22) ලැබූ අවමන් සහගත තරග පරාජයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මෙම අදහස් පළ කළා.

මෙම මධ්‍ය හමුවේ දී පාකිස්ථාන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ, “මේක නෙවෙයි අපි ශ්‍රී ලංකා ක්‍රිකට්වල දැක්කේ, අපි බලාපොරොත්තු වුනේ මෙය නෙවෙයි. මට හිතෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගයේ නැහැ. ඔවුන් හැඟීම්වලට වහල් වෙලා. ඔබ මොනාද හිතන්නේ.?”

එහිදී පිළිතුරු ලබාදෙමින් ජනිත් ලියනගේ සඳහන් කළේ, “ඔව් ඇත්තෙන්ම, අපි හොඳින් ක්‍රීඩා කළේ නැහැ,මම හිතන්නේ අපි ක්‍රිකට්වල මූලික දේවල් හරියට කරන්න වෙනවා. ඔබ දන්නවා කණ්ඩායමේ හැකියාව අපි මීට වඩා තරගකාරී සහ එකාකාරී ලෙස ක්‍රීඩා කළ යුතුයි. ඉදිරියේ දී ලෝක කුසලානය එනවා තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී, අපි දන්නවා ශ්‍රී ලංකාවේදී අපි කොපමණ හොඳද කියලා.ඒ වගේම අපි ශ්‍රී ලංකාවෙන් පිට ගියාමත් හොඳින් ක්‍රීඩා කරන්න ඕන. අපි ඒ ගෙන කල්පනා කරනවා. අපි දැන් ලෝක කුසලානය ගැන හිතන්නේ නැහැ බලන්න ඕන මෙම තරගාවලිය ගැන.”

මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ජනිත් සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා නොකළ බවත්, වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවයි.

එමෙන්ම රට වෙනුවෙන් ඉදිරියේ දී කණ්ඩායමක් ලෙස නැවත නැඟී සිටින බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගීවන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (22) පැවති තරගය ශ්‍රී ලංකාව පාකිස්ථානය හමුවේ කඩුලු 07ක පරාජයක් අත්කර ගත්තා.

  1. අනේ මේ ආයනං නැගිටින්නම එපා.
    ඔය ඉන්න විදිහටම ඉන්න.
    අපි දැං බංගලියන්ට සපෝට් කරන්නේ.
    බලමු එහෙම කරලවත්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51