ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම සඳහා පෞද්ගලික බස් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 20 ක් පමණ වටිනා අයිස් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 500 ක් ඉන්දියාවේ එස්.පී. පට්ටිනම් අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශයෙන් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍යය, එස්.පී. පට්ටිනම් ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක තිබී එරට රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙනතිබෙනවා.
මේ අතර, පෞද්ගලික බස් රථ ක්‍රියාකරු සහ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම සඳහා රාමනාදපුරම් රේගු කාර්යාලයේ රඳවා සිටින බවයි එරට මාධ්‍ය වාර්තාකර ඇත්තේ.















