මෝචරියේ තිබූ මළ සිරුර කෝ? – නෑදෑයින් සොයද්දී රෝහල දන්නෙත් නෑ

හලාවත මහා රෝහලේදී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් අතුරුදහන් වීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

මිය ගොස් ඇත්තේ හොරණ ප්‍රදේශයේ ඩී.එම්.රුවන් සම්පත් (අවු 45) නම් පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බව රෝහල් අධ්‍යක්ෂක කපිල මල්ලවාරච්චි මහතා පවසනවා.

මිය ගිය පුද්ගලයා මුන්දලම – ගල්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටින තම ඥාතියෙකුගේ නිවසට පැමිණ සිටියදී පසුගිය 31 වැනිදා රෝගී වී තිබෙනවා.

ඒ අනුව ඔහු ප්‍රතිකාර සදහා එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් 31 වැනිදා රාත්‍රීයේ ඔහු මිය ගොස් ඇති අතර 01 වැනිදා ඥාතීන් විසින් සිරුර හදුනා ගෙන ඇති බවයි පැවසෙන්නේ.

පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා සිරුර හලාවත මහා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

රෝහලෙන් ලැබී ඇති පණිවිඩයක් අනුව 03 වැනිදා දහවල් ඥාතීන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා පැමිණ ඇති අතර ඒ වන විට මෘත ශරීරය මෘත ශරීරාගාරයේ තිබී නැහැ.

පසුව ඥාතීන් විසින් මේ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂකවරයාට සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට පැමිණිළි කර තිබෙනවා.

මහවැව ප්‍රදේශයට සහ බිංගිරිය ප්‍රදේශයට දේහයන් දෙකක් හලාවත මහා රෝහලේ මෘත ශරීරාගාරයෙන් නිදහස් කර ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇති අතර එම දේහයන් සම්බන්ධයෙන් ඥාතීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය සොයා බැලීමක් සිදු කළද අතුරුදහන්වී ඇති සිරුර හමුවී නැහැ.

ඒ අනුව දැනට භූමදානය කර ඇති ආරච්චිකට්ටුව – කරුකුපනේ ප්‍රදේශයේ දේහයක් සම්බන්ධයෙන් රෝහලේ අවධානය යොමු වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08