සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර අවසන් එක්දින තරගය අද රාවල්පින්ඩ් හිදී පැවැත්වීමට නියමිතයි.
පළමු තරග දෙක පරාජය වී කල්වේලා ඇතිවම තරගාවලියේ පරාජය හිමිකරගත් ශ්‍රී ලංකාවට සිය ගෞරවය රැකගැනීම වෙනුවෙන් අද තරගය ජයගැනීම අනිවාර්ය වනවා.
මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
උණ රෝගය හේතුවෙන් ශ්‍රී ලංකා නායක චරිත් අසලංකට අද තරගය සඳහා එක්වීම අවිනිශ්චිත වී ඇති අතර, වනිඳු හසරංග ද මාංශ පේශි ආබාධයක් හේතුවෙන් අද තරගය සඳහා එක්වීම අවිනිශ්චිත තත්ත්වයට පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.
ඒ, අනුව යොවුන් ක්‍රීඩක පවන් රත්නායකට අද දිනයේ ජාත්‍යන්තර එක්දිනවරම් හිම්වනු ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංගට ද අද තරගයේ දී අවස්ථාවක් හිමිවනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර චරිත් අසලංක අද පැවැත්වෙන අවසන් එක්දින තරගය සඳහා එක්නොවුන හොත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට හිමිවනු ඇති.





