අවසන් එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් – නායකත්වය මෙන්ඩිස්ට ?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර අවසන් එක්දින තරගය අද රාවල්පින්ඩ් හිදී පැවැත්වීමට නියමිතයි.

පළමු තරග දෙක පරාජය වී කල්වේලා ඇතිවම තරගාවලියේ පරාජය හිමිකරගත් ශ්‍රී ලංකාවට සිය ගෞරවය රැකගැනීම වෙනුවෙන් අද තරගය ජයගැනීම අනිවාර්ය වනවා.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

උණ රෝගය හේතුවෙන් ශ්‍රී ලංකා නායක චරිත් අසලංකට අද තරගය සඳහා එක්වීම අවිනිශ්චිත වී ඇති අතර, වනිඳු හසරංග ද මාංශ පේශි ආබාධයක් හේතුවෙන් අද තරගය සඳහා එක්වීම අවිනිශ්චිත තත්ත්වයට පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.

ඒ, අනුව යොවුන් ක්‍රීඩක පවන් රත්නායකට අද දිනයේ ජාත්‍යන්තර එක්දිනවරම් හිම්වනු ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංගට ද අද තරගයේ දී අවස්ථාවක් හිමිවනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර චරිත් අසලංක අද පැවැත්වෙන අවසන් එක්දින තරගය සඳහා එක්නොවුන හොත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට හිමිවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32