ජනපතිගේ ඔටුන්නේ කතාව ගැන එජාපයට ලොකු ප්‍රශ්නයක්

පසුගිය 13 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති 36 වන ඉල්මහ විරු සැමරුමේදී ජනාධිපතිවරයා විසින් “අපේ ඔළුවට ඔටුන්නක් වැටුනේ කුණු කාණුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ” යනුවෙන් සිදුකළ ප්‍රකශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය මඟින් සිහිපත් කරනු ලැබුවේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහෝසි කරනු ලැබූ “ඔටුනු පැළැඳි” පාලනය යළි ස්ථාපිත කිරීම පිළිබඳව දැයි එම නිවේදනය මඟින් එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රශ්න කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය “36 වැනි ඉල් මහ විරු සමරුව අමතමින් අනුර කුමාර දිසානායක සහෝදරයා සිදුකළ කතාව” මැයෙන් නිකුත් කළ නිල නිවේදනයට ද ඇතුළත් කර නොතිබුණු බව එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කරනු ලැබූ එම නිවේදනය පහතින් දැක්වෙනවා,

583473673 1429632625188907 730791180235481080 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
21
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?