ට්‍රැක්ටරයක් පෙරළී මුණුපුරා ජීවිතක්ෂයට – සීයාට බරපතළයි

මනම්පිටිය පොලිස් වසමේ පුදුකුඩු වැවෙහි වැව් බැම්මේ ඇති වංගුව අසල දී ට්‍රැක්ටර් රථයක් යතුරුපැදියකට ඉඩදීමට යාමේදී රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව වැව්බැම්මේ බෑවුමට ට්‍රැක්ටර් රථය පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ දී ට්‍රැක්ටරයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ ඔහුගේ මුණුපුරා එම රථයටම යටවී බරපතළ තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් දෙදෙනා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මුණුපුරා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (14) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ මනම්පිටිය, සිංහඋදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 15ක දරුවෙක්.

මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ට්‍රැක්ටර් රථයේ රියදුරු ද තුවාල ලබා මනම්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?