ට්‍රැක්ටරයක් පෙරළී මුණුපුරා ජීවිතක්ෂයට – සීයාට බරපතළයි

මනම්පිටිය පොලිස් වසමේ පුදුකුඩු වැවෙහි වැව් බැම්මේ ඇති වංගුව අසල දී ට්‍රැක්ටර් රථයක් යතුරුපැදියකට ඉඩදීමට යාමේදී රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව වැව්බැම්මේ බෑවුමට ට්‍රැක්ටර් රථය පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ දී ට්‍රැක්ටරයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ ඔහුගේ මුණුපුරා එම රථයටම යටවී බරපතළ තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් දෙදෙනා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මුණුපුරා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (14) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ මනම්පිටිය, සිංහඋදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 15ක දරුවෙක්.

මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ට්‍රැක්ටර් රථයේ රියදුරු ද තුවාල ලබා මනම්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39