උසස්පෙළට කලින් දවසේ රෑ සිසුවිය කාමරයේ මිය ගිහින්

මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල, ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුෂි චමෝදි නැමැති සිසුවියක්.

මෙම සිසුවිය ඊයේ (09) රාත්‍රියේ සිය කාමරය තුළ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිට ඇති අතර, උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් විසින් ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා.

එම අවස්ථාවේ දී ඇය කාමරයේ සිහිසුන්ව සිටින අයුරු දැක, වහාම ඇයව දඹුල්ල මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

රෝහලට රැගෙන ගිය සිසුවියව පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය රෝහල් ගත කරන අවස්ථාව වන විටත් මියගොස් ඇති බවයි.

සිසුවියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, දඹුල්ල ‍පොලිසියේ නිලධාරීන් සිසුවියගේ නිවසට ගොස් පරීක්ෂා කර බලා ඇති අතර එහිදී සැක කටයුතු කිසිවක් හමු නොවූ බව පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
3
+1
0
+1
48
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47