උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වනවා.

අද ආරම්භවන විභාගය එළඹෙන දෙසැම්බර් මස 05 වනදා දක්වා පැවැත්වෙනවා.

මෙවර උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362ක දී පැවැත්වෙන අතර, ඒ සඳහා අයදුම්කරුවන් 340,525 දෙනෙක් සුදුසුකම් ලබා සිටිනවා.

මේ අතර විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසන්නේ, විභාග අයදුම්කරුවන් විභාගය ආරම්භ කිරීමට පැයකට පෙර අදාළ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසයි.

එමෙන්ම විභාගය පැවැත්වෙන සම්පූර්ණ කාලය තුළ අපේක්ෂකයින් ඔවුන්ගේ මුව සහ දෙකන් නිරාවරණය කර සිටිය යුතු විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.

විභාග අපේක්ෂකයින් සන්නිවේදන උපකරණ පැළඳගෙන විභාග වංචා සිදුකරන්නේ ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා මෙලෙස ඔවුන්ගේ මුව සහ දෙකන් නිරාවරණයගෙන සිටීම අනිවාර්ය බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර විභාගය සඳහා පෙනී සිටින දරුවන් සදහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව දැනුම් දෙනවා.

විභාගය පවතින කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද සූදානමින් සිටින බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32