උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වනවා.

අද ආරම්භවන විභාගය එළඹෙන දෙසැම්බර් මස 05 වනදා දක්වා පැවැත්වෙනවා.

මෙවර උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362ක දී පැවැත්වෙන අතර, ඒ සඳහා අයදුම්කරුවන් 340,525 දෙනෙක් සුදුසුකම් ලබා සිටිනවා.

මේ අතර විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසන්නේ, විභාග අයදුම්කරුවන් විභාගය ආරම්භ කිරීමට පැයකට පෙර අදාළ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසයි.

එමෙන්ම විභාගය පැවැත්වෙන සම්පූර්ණ කාලය තුළ අපේක්ෂකයින් ඔවුන්ගේ මුව සහ දෙකන් නිරාවරණය කර සිටිය යුතු විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.

විභාග අපේක්ෂකයින් සන්නිවේදන උපකරණ පැළඳගෙන විභාග වංචා සිදුකරන්නේ ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා මෙලෙස ඔවුන්ගේ මුව සහ දෙකන් නිරාවරණයගෙන සිටීම අනිවාර්ය බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර විභාගය සඳහා පෙනී සිටින දරුවන් සදහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව දැනුම් දෙනවා.

විභාගය පවතින කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද සූදානමින් සිටින බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?