2025 අධ්‍යන උසස්පෙළ විභාගය හෙට (10) ආරම්භ වනවා.
හෙටින් ඇරඹෙන උසස්පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (09) පස්වරුවේ විභාග දෙපාර්තමේන්තු දී පැවැත් වුණා.
ඒ, විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ ප්‍රධානත්වයෙන්.
එහිදී කොමසාරිස් ජෙනරාල්වරිය විභාග අපේක්ෂකයින්ට දැනුම් දුන්නේ විභාගය ආරම්භයට පැයකට පෙර විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානය වෙත පැමිණ සිටිය යුතු බවයි.
එමෙන්ම විභාගය ආරම්භයට පැය භාගයකට පෙර විභාගය පැවැත්වෙන ශාලාවේ අසුන්ගෙන සිටිය යුතු බවත් ඇය මෙහිදී ඇය විභාග අපේක්ෂකයින්ට දැනුම් දුන්නා.
ඊට අමතරව විභාගය පැවැත්වෙන සම්පූර්ණ කාලය තුළ අපේක්ෂකයින් ඔවුන්ගේ මුව සහ දෙකන් නිරාවරණය කර සිටිය යුතු බවත් ඇය මෙහිදී අවධාරණය කළා.
විභාග අපේක්ෂකයින් සන්නිවේදන උපකරණ පැළඳගෙන විභාග වංචා සිදුකරන්නේ ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා මෙලෙස ඔවුන්ගේ මුව සහ දෙකන් නිරාවරණයගෙන සිටීම අනිවාර්ය බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරිය වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර විභාගය පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති කාලසටහන සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසයි විභාග අපේක්ෂකයින්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට දැනුම් දෙන්නේ.
හෙට (10) ආරම්භ වන උසස්පෙළ විභාගය දෙසැම්බර් 05 වනදා අවසන් වීමට නියමිතයි.















