යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුව රජයේ වියදම්වලින් මිලියන 10ක් කප්පාදු කරයි

යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි නවීකරණය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කටයුතුකර තිබෙනවා.

එම රථවාහන 2025 ඔක්තෝබර් මස 24 (අද) දින සිට නැවත යුද්ධ හමුදාවේ භාවිතයට යොදා ගැනීමට නියමිතයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් යටතේ නවීකරණය කල මෙම වාහන නැවත යුද්ධ හමුදාවේ සේවය සඳහා එක් කිරීමට හැකිවීම තුලින් යුද්ධ හමුදාව සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනවා.

තවද මෙම වාහන නැවත භාවිතයට යෙදවීම තුලින් යුද්ධ හමුදාව විසින් කුලී ගෙවීමේ පදනම මත ලබා ගන්නා ලද වාහන සඳහා මාසිකව වැයකරන රුපියල් මිලියන 10 ක පමණ මුදල් ප්‍රමාණයක් රජයට ඉතිරි කර දීමටත් එම මුදල් යුද්ධ හමුදාවේ සහ රටේ දියුණුව සඳහා යෙදවීමටත් හැකියාව ද පවතිනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ට්‍රක් රථ, බස් රථ, වතුර බවුසර්, යුනි බෆල් රථ, කැබ් රථ, ගිලන් රථ, වෑන් රථ, ගලි බවුසර් ඇතුළු වාහන 76ක් මෙලෙස නවීකරණය කර යළි සේවයට එක්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?