මොනවා කළත් සල්ලි ගෙවන ලෝකයේ එකම සමාජ ජාලය “UPnico”

සමාජ මාධ්‍ය තුළ දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන්ම සුවිශේෂී සමාජ මාධ්‍ය ජාලාවක්, ජපානයේ වෙසෙන ශ්‍රී ලංකිකයෙක් විසින් නිර්මාණයකර තිබෙනවා.

UPnico ලෙස නම්කර ඇති මෙම සමාජ මාධ්‍ය ජාලය හරහා දරුවන්ගේ සුරක්ෂිතභාවය පමණක් නොව, එම සමාජ මාධ්‍ය භාවිතා කරන ඕනෑම අයෙක්ට මුදල් ඉපයීමේ හැකියාව ද පවතිනවා.

  • මොකක්ද මේ UPnico කියන්නේ ?

UPnico යනු ජපානයේ ByIT Holdings LLC යනුවෙන් ලියාපදිංචිවී ඇති සමාගමක අධීක්ෂණය යටතේ, ලංකාවේ ByIT Solutions (Pvt) Ltd ලෙස ලියාපදිංචිවී ඇති සමාගමකින් නිර්මාණය කල නවතම සමාජ මාධ්‍ය ජාලයයි.මෙම සමාජ මාධ්‍ය ජාලය දැනට ලෝකයේ පවතින අනෙකුත් සමාජ මාධ්‍යවල පවතින, දරුවන්ගේ ආරක්ශාව, භාවිතා කරන්නන්ට කිසි ප්‍රතිලාභයක් නොලැබීම වැනි ගැටලුවලට පිලිතුරක් ලෙස නිර්මාණය කර තිබෙනවා.

  • කොහොමද මේ මෙවලම ලබාගන්නේ ?

මෙම මෙවලුම ඇන්ඩ්‍රොයිඩ් PlayStore සහ ඇපල් AppStore වල “UPnico” ලෙස සෙවීමෙන් ලබාගත හැකි අතර, එසේත් නොමැති නම් පහත ලින්ක් මගින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

🔗 PlayStore: https://play.google.com/store/apps/details?id=com.byitholdings.UPnico
🔗 AppStore: https://apps.apple.com/jp/app/upnico/id6741853183

  • මේ මෙවලම හරහා දරුවන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

පළමුවෙන්ම, මෙම මෙවලුම මගින් නන්නාඳුනන අයවලුන්ට දරුවන් වෙතට ලඟා වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මෙහි ඇති සෙවීම් පද්ධතිය මඟින් වයස 18ට අඩු දරුවන්ගේ ගිණුම් ඉවත්කරනු ලබනවා.

එමෙන්ම නන්නාඳුනන අයෙක්ට දරුවෙක්ගේ නමක් මඟින් සෙවීම් කිරීම වළක්වා තිබෙනවා.

දරුවෙක්ට වෙනකෙක්, යහලුවෙක් ලෙස සම්බන්ධ කරගැනීමට අවශ්‍යනම් එම දරුවාටම ආවේනික කේතය (Friend Code) හෝ QR කේතය භාවිතා කල යුතුයි.

තවද ලෝකයේ ඉහළින්ම පිළිගත් තාක්ෂණයක් භාවිතා කරමින් නිරුවත් දර්ශන ස්වයංක්‍රීයව මැකීයන ලෙස සාදා තිබෙනවා.

එතනින්ද නොනැවතී, නිරුවත් නොවන අනෙකුත් වැඩිහිටියන්ට වඩාත් යෝග්‍යතාව නිර්මාණද දරුවන්ට නොපෙනනසේ ඇතුළත් කිරීමේ පහසුකම පවතිනවා.

එමෙන්ම, පැය 24ම ආවරණය වන ලෙස ක්‍රියාත්මකවන කාර්‍යමන්ඩලය මගින් යම්කිසි දරුවන් සම්බන්ද හෝ අනෙකුත් පැමිණිල්ලක් ලැබුන වහාම ක්‍රියාත්මකවනවා.

ඉදිරියේදී දරුවන්ගේ ගිණුම් අධීක්ෂණය කිරීමේ හැකියාව දෙමාපියන්ට ලබාදීම සදහා ක්‍රමවේදයක් සලසාදීමට කටයුතු කෙරෙමින් පවතිනවා.

  • මේ මෙවලුමෙහි පාරිභෝගිකයන්ට ලබාදී ඇති ප්‍රතිලාභ මොනවාද ?

මෙම මෙවලුම සමග සම්බන්ධවීමේ දී ඔබට ඇමරිකන් ඩොලර් 01ක් වටිනා MyCoin 100ක් ලබා දෙනවා.

ඊට අමතරව, ඔබගේ මිතුරන්ට මෙම මෙවලුම හදුන්වාදීමේ දී ඔබටත් මිතුරාටත් (යහලුවන් 50ක සීමාවක් දක්වා) දෙදෙනාටම ඩොලර් 01ක් වටිනා MyCoin 100ක් බැගින් ලබාදෙනවා.

මේ සදහා ඔබගේ ගිණුමේ ඇති “හදුන්වාදීමේ කේතය” (Referral code) භාවිතා කල යුතුයි.

මිතුරන් හදුන්වාදීමේදී ලැබෙන මුදල්, ව්‍යාජ ගිනුම් හදුනාගැනීමේ ක්‍රියාවලියකින් අනතුරුව මාස 03කට පසු ඔබේ ගිණුමට බැර වනවා.

මීට අමතරව දැන්වීම් පළකර උපයන ආදායමෙන් 25%ක් ඔබ UPnico මෙවලුමෙහි පලකරන පෝස්ට් සදහා ලබාදෙන අතරම ඔබ වෙනත් අයෙකුගේ පොස්ට් නැවත පලකිරීමේදී ද (share) ආදායමෙන් 25%ක් ලබාදෙනවා.

ඔබගේ නිර්මාණ වෙනත් අයෙක් ප්‍රචාරණය කිරීමේදී ද මේ ආකරයෙන් නිර්මාණශීලී ඔබට මුදල් ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව පවතිනවා.

මේ සදහා ඔබ පලකරන හෝ නැවත පළකරන පෝස්ට් සදහා අඩුම තරමින් පාඨක ප්‍රතිචාර 200ක් වත් මාසයක් තුල ලැබිය ‍යුතුයි.

මෙම ක්‍රමය යටතේ ලෝකයේ පළමුවතාවට නිර්මාණශීලී අදහස් ඇති පෝස්ට් නිර්මාණකරුවන්ට පමණක් නොව, හොදින් සමාජ සබදතා පවත්වාගෙන යන්නන්ටත් ඉහල මුදල් ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා.

ඔබගේ ගිණුමේ ශේශය MyCoin 10,000ක් (ඇමරිකන් ඩොලර් 100ක්) වු විට ඔබට මුදල් ලෙස ලබාගැනීමේ හැකියාව පවතිනවා.

පළමු පියවරේ දී Paypal හරහා මුදල් ලබාගත හැකි අතර, ඊළග පියවරේ දී ඔබගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කරගැනීමේ හැකියාව ලබාදීමට නියමිතයි.

  • ඒ කියන්නේ මේ මෙවලුම භාවිතා කිරීමට මුදල් ලබාදිය යුතුද?

කිසිසේත්ම නැත. මෙය 100%ක් නොමිලේ භාවිතා කල හැකි මෙවලුමක්.

මෙමගින් කිසිසේත්ම මුදල් අයකිරීමක් සිදුවන්නේ නැහැ.

එහෙමනම් මෙහෙම සල්ලි දෙන්නේ කොහොමද? මේක පිරමීඩ ජාලයක්ද?

මෙය 100%ක් නීත්‍යානුකූල ව්‍යාපාරයක්.

මෙය කිසිසේත්ම පිරමීඩ ජාලයක් නොවේ.

පරිශීලකයන්ගෙන් කිසිම ආකරයේ මුදල් අයකිරීමක් නැත.

මේ විදිහට සල්ලී දෙන්නේ කොහොමද කියා අපි ගනන් හදලාම බලමු.

ඔබ අලුතෙන් UPnicoහී ලියාපදිංචිවී මිතුරන්ද 50ක් හදුන්වාදී ඇතැයි උපකල්පනය කරමු.

මෙමගින් ඔබට ඇමරිකන් ඩොලර් 51ක් වටිනා MyCoin 5,100ක් ලබාගත හැක.

මුදල් ලබාගැනීමේ අවම සීමාව වන ඇමරිකන් ඩොලර් 100ක් එකතු කරගැනීම සදහා ඔබට තවත් ඇමරිකන් ඩොලර් 49ක් වටිනා MyCoin 4,900ක් උපයා ගත යුතුය.

ඔබ පෝස්ට් නිර්මාණකරුවෙකුනම් ඔබ කරන නිර්මාණ වලින් ඩොලර් 49ක් ඔබ උපයන විට මෙම ජාලය ඇමරිකන් ඩොලර් 196ක දැන්වීම ආදායමක් උපයා ගනී (අපගේ ආදායමෙන් 25% නිර්මාණකරුවන්ට ලබාදෙන නිසා).

මෙමගින් මෙම ජාලය දැන්වීම් මගින් උපයන මුදල් වලින් ඇමරිකන් ඩොලර් 100ක් ඔබට නැවත ලබාදෙනු ලැබේ
.
මෙම ක්‍රමය මගින් පරිශීලක ඔබ ආදායමක් උපයන අතරම ජාලයේ පැවැත්මට අවශ්‍ය මුදලද උපයා ගැනීම සිදුවේ

  • ඉතින් පෝස්ට් වලට දැන්වීම් ලබාගන්නේ කොහොමද?

අප ආයතනය මගින් දැනටමත් මෙම ක්‍රියාවලිය සිදුකර ඇත.

ලෝකයේ ඉහලින්ම මුදල් ලබාදෙන දැන්වීම් ආයතන 5ක් සමග අප දැනටමත් ගිවිසුම් ගතවී ඇත.

මෙම දැන්වීම ඔබ පෝස්ට් බලන විටත්, නව නිර්මාණ පලකිරීමෙදීත් ඉබේම පලවෙනු ඇත.

මේ සදහා ඔබ මුදල් ගෙවීමක් හෝ, කිසිම අමතර ක්‍රියාවලියක් කලයුතු නැත.

දැන්වීම් සදහා තොරතුරු ලබාගන්නේ කොහොමද? ඔබගේ තොරතුරු අප දැන්වීම්කරුවන්ට ලබා දෙනවාද?

අප ආයතනය මගින් ඔබගේ පෞද්ගලික තොරතුරු කිසිවක් දැන්වීමි ආයතනයක් හෝ වෙනයන්ම ආයතනයක් වෙත ලබාදෙන්නේ නැති බව 100%ක් සහතික කල හැක.

මේ සම්බන්දයෙන් ජපානයේ ඇති ඉහල නීතිරාමුවට අනුකූලව මෙම මෙවලුම නිර්මාණය කර ඇත.

  • ඔබගේ දත්ත අප සමග ආරක්ශිතද?

ලෝකයේ ඉහලින්ම පිලිගත් ක්‍රමවේදයන් යටතේ ඔබගේ දත්ත සංකේතනය (Encrypt) කර ගබඩා කර ඇත.

UPnico යනු ලංකාව පමණක් නොව ලෝකයේ අනෙකුත් රටවලත් ප්‍රචාරණය කිරීමට නියමිත බැවින් මේ සදහා ලෝකයේ සම්මත පුද්ගලයින් හදුනාගත හැකි දත්ත (PIP) ගබඩා කිරිමේ ක්‍රමවේදයක් භාවිතා කර ඇත.

  • UPnico වල ඇති වෙනත් විශේෂතා මොනවාද?

UPnico මගින් ලෝකයේ මුල්වරට ඔබගේ පාසල් මිතුරන්, උසස් අධ්‍යාපන ආයතන වල මිතුරන් ස්වයංක්‍රීයව සම්බන්ද වීමේ පහසුව සලසා දී ඇත. ඔබගේ පාසල හෝ උසස් අධ්‍යාපන ආයතන විස්තර ඇතුලත් කිරීමෙන් මෙම පහසුකම ලබාදී ඇත.

UPnico වල ඇති තවත් ලෝකයේ මුලටම භාවිතා කරන තාක්ෂණයක් UPnico Collab පෝස්ට් ලෙස එලි දක්වා ඇත.

මෙමගින් ලෝකයේ විවිද ස්ථාන වල ජීවත් වන ඔබගේ ප්‍රියයන්ට එකම පෝස්ට් එකක් සදහා පින්තූර ඇතුලත් කල හැක.

අලුතෙන් Collab පෝස්ට් එකක් නිර්මාණය කර, Collab කේතය හෝ QR කේතය ඔබගේ යහලුවන්ට ලබාදීමෙන් මෙම නවතම අත්දැකීම විදගත හැක.

මේ ආකරයට UPnico මගින් වෙනත් කිසිම සමාජ ජාල වල නොමැති පහසුකම් 4ක් එලිදක්වා ඇත.

  • UPnico වල අනාගතය කෙසේ වේවිද?

මේ එලිදක්වා ඇත්තේ පලමු පියවර පමණී.

AI තාක්ශණය තවදුරටත් යොදාගනිමින් තවත් නවතම හදුන්වාදීම් සදහා අප කාර්‍යමන්ඩලය යුහුසුළුව කටයුතු කරමින් පවති.

පරිශීලක ඔබටත් ඔබගේ අදහස් අපට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි. මෙම සියලුම නව හදුන්වාදීම් 100%ක් නොමිලේ හදුන්වා දීමට අප සහතික වෙනු ලැබේ.

අදම UPnico සමග එක්වී මේ නවතම අත්දැකීම ලබාගන්න.

🔗 PlayStore: PlayStore: https://play.google.com/store/apps/details?id=com.byitholdings.UPnico
🔗 AppStore: AppStore: https://apps.apple.com/jp/app/upnico/id6741853183

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
35
+1
0
+1
7
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?