ඉන්දියාවේ නිල සංචාරය නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (17) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරි සහ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ දී අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, නවෝත්පාදනය, සංවර්ධන සහයෝගීතාව සහ අපගේ ධීවරයින්ගේ සුභසාධනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.
එම හමුවෙන් පසු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, සමීප අසල්වැසියන් ලෙස අපගේ සහයෝගීතාවය, අපගේ ජනතාව අතර සමෘද්ධිය මෙන්ම කලාපයේ සමෘද්ධිය සඳහා ද වැදගත් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1





