රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඊයේ (16) සිදුකළ දුරකථන සංවාදයේ දී ඔවුන්ගේ මීළඟ මුහුණට මුහුණ සාකච්ඡා හංගේරියාවේ දී පැවැත්වීමට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
රුසියානු ජනාධිපතිවරයා සමඟ සිදුකළ මෙම දුරකථන සංවාදයේ දී විශාල ප්රගතියක් ලබාගත් බවයි ට්රම්ප් සඳහන් කළේ.
ඒ, අනුව වොෂින්ටන් සහ මොස්කව් කණ්ඩායම් ලබන සතියේ හමුවනු ඇති බව ද ට්රම්ප් පවසනවා.
කෙසේ වෙතත් හංගේරියාවේ අගනුවර වන බුඩාපෙස්ට්හිදී පුටින් සමඟ සිදුවන මීළඟ හමුවීම සඳහා දිනයක් ට්රම්ප් තහවුරු කර නැහැ.
කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සති දෙකක් ඇතුළත පුටින් හමුවීමට අපේක්ෂා කරන බවයි.
මේ අතර පුටින් සමඟ කළ සාකච්ඡා පිළිබඳව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිව අද දිනයේ දී දැනුම්වත් කරන බවත් ට්රම්ප් සඳහන් කරනවා.















