පුටින් සහ ට්‍රම්ප් හංගේරියාවේ දී හමුවෙන්න කැමැත්ත දෙයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඊයේ (16) සිදුකළ දුරකථන සංවාදයේ දී ඔවුන්ගේ මීළඟ මුහුණට මුහුණ සාකච්ඡා හංගේරියාවේ දී පැවැත්වීමට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

රුසියානු ජනාධිපතිවරයා සමඟ සිදුකළ මෙම දුරකථන සංවාදයේ දී විශාල ප්‍රගතියක් ලබාගත් බවයි ට්‍රම්ප් සඳහන් කළේ.

ඒ, අනුව වොෂින්ටන් සහ මොස්කව් කණ්ඩායම් ලබන සතියේ හමුවනු ඇති බව ද ට්‍රම්ප් පවසනවා.

කෙසේ වෙතත් හංගේරියාවේ අගනුවර වන බුඩාපෙස්ට්හිදී පුටින් සමඟ සිදුවන මීළඟ හමුවීම සඳහා දිනයක් ට්‍රම්ප් තහවුරු කර නැහැ.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සති දෙකක් ඇතුළත පුටින් හමුවීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර පුටින් සමඟ කළ සාකච්ඡා පිළිබඳව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිව අද දිනයේ දී දැනුම්වත් කරන බවත් ට්‍රම්ප් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56