වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් කොවිඩ් රෝග ලක්ෂණ, ඩෙංගු රෝග ලක්ෂණ හා සමානත්වයක් පෙන්නුම් කරන බව වෛද්‍යවරු සඳහන් කරති.

ඒ හේතුවෙන් යම් රෝගී තත්ත්වයක් ඇති වුවහොත් නිවසේ සිට රෝග විනිශ්චය සිදුනොකර වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා පවසා සිටියේ, උණ සහ ඇඟපත වේදනාව ඩෙංගු සහ කොවිඩ් යන රෝගී තත්ත්වයන් දෙකෙහි ම දැකගත හැකි බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා,

“තීරණය කරන්න හොඳ නෑ නිවසේ දී උණ හැදුනහම මට තියෙන්නේ ඩෙංගු ද? මට තියෙන්නේ වෛරස් උණක් ද? මට තියෙන්නේ කොරෝනා ද කියලා. තීරණය ගැනීමට රෝග ලක්ෂණ තියෙන අයෙක් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත හෝ රෝහලක් වෙත යොමුවන්න. එක රෝග තත්ත්වයක් තියෙන කෙනෙකුට වෙනත් කිසියම් හෝ රෝග තත්ත්වයක් ඇති වුවහොත් සංකූලතාවලට යෑමේ හෝ බරපතළ තත්ත්වයක් ඇති වීමේ හැකියාව වැඩියි. ඒ නිසා කොවිඩ් තියෙන රෝගියෙකුට ඩෙංගු වැළඳුනත් සංකූලතා වැඩිවෙනවා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?