වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් කොවිඩ් රෝග ලක්ෂණ, ඩෙංගු රෝග ලක්ෂණ හා සමානත්වයක් පෙන්නුම් කරන බව වෛද්‍යවරු සඳහන් කරති.

ඒ හේතුවෙන් යම් රෝගී තත්ත්වයක් ඇති වුවහොත් නිවසේ සිට රෝග විනිශ්චය සිදුනොකර වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා පවසා සිටියේ, උණ සහ ඇඟපත වේදනාව ඩෙංගු සහ කොවිඩ් යන රෝගී තත්ත්වයන් දෙකෙහි ම දැකගත හැකි බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා,

“තීරණය කරන්න හොඳ නෑ නිවසේ දී උණ හැදුනහම මට තියෙන්නේ ඩෙංගු ද? මට තියෙන්නේ වෛරස් උණක් ද? මට තියෙන්නේ කොරෝනා ද කියලා. තීරණය ගැනීමට රෝග ලක්ෂණ තියෙන අයෙක් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත හෝ රෝහලක් වෙත යොමුවන්න. එක රෝග තත්ත්වයක් තියෙන කෙනෙකුට වෙනත් කිසියම් හෝ රෝග තත්ත්වයක් ඇති වුවහොත් සංකූලතාවලට යෑමේ හෝ බරපතළ තත්ත්වයක් ඇති වීමේ හැකියාව වැඩියි. ඒ නිසා කොවිඩ් තියෙන රෝගියෙකුට ඩෙංගු වැළඳුනත් සංකූලතා වැඩිවෙනවා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09