පොලිස් නිලධාරීන්ගේ නිවාඩු තවදුරටත් අවලංගු කරයි

කොවිඩ් වසංගත පාලන රාජකාරී හේතුවෙන් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ජූනි 15 වනදා දක්වා අවලංගු කිරීමට තීරණය කර ඇත.

මැයි මස 11 වනදා සිට මැයි 31 දක්වා පොලිස් නිලධාරීන්ගේ රාජකාරි නිවාඩු සහ හිඟ විවේක අවලංගු කළ අතර පවතින තත්ත්වය හේතුවෙන් නැවත නිවාඩු ජුනි 15 වනදා දක්වා අවලංගු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත.

ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකශ කරයි.

නිරෝධායන රීති ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ සේවය අවශ්‍ය බැවින් එම තීරණය ගත් බව වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?