වාහන ආනයනයට වියදම් කර ඇති ඩොලර් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉහළට

2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතවූ මාස අටක කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 13.3ක භාණ්ඩ ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) නිකුත් කළ නිවේදනයක එහි සඳහන්.

එමෙන්ම පසුගිය අගෝස්තු මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 1,696ක භාණ්ඩ ආනයනය කර ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ මෙම වසරේ අගෝස්තු දක්වා වූ මාස 08ක කාලය තුළ
වාහන ආනයනය සඳහා පමණක් ඩොලර් මිලියන 1,007.5ක වියදමක් දරා ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාහන ආනයන වෙනුවෙන් දරා ඇති වියදම පහතින් දක්වෙනවා.

ජනවාරි ඇමරිකානු ඩොලර් මිලියන 29.1යි, පෙබරවාරි ඩොලර් මිලියන 22.3යි, මාර්තු ඩොලර් මිලියන 54යි, අප්‍රේල් ඩොලර් මිලියන 145.6යි, මැයි ඩොලර් මිලියන 125.2යි, ජුනි ඩොලර් මිලියන 169.6යි, ජුලි ඩොලර් මිලියන 206යි, අගෝස්තු ඩොලර් මිලියන 255.7යි.

ඒ, අනුව වාහන ආනයන වෙනුවෙන් දරා ඇති වියදම ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති ආකාරය දැකගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?