වාහන ආනයනයට වියදම් කර ඇති ඩොලර් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉහළට

2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතවූ මාස අටක කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 13.3ක භාණ්ඩ ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) නිකුත් කළ නිවේදනයක එහි සඳහන්.

එමෙන්ම පසුගිය අගෝස්තු මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 1,696ක භාණ්ඩ ආනයනය කර ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ මෙම වසරේ අගෝස්තු දක්වා වූ මාස 08ක කාලය තුළ
වාහන ආනයනය සඳහා පමණක් ඩොලර් මිලියන 1,007.5ක වියදමක් දරා ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාහන ආනයන වෙනුවෙන් දරා ඇති වියදම පහතින් දක්වෙනවා.

ජනවාරි ඇමරිකානු ඩොලර් මිලියන 29.1යි, පෙබරවාරි ඩොලර් මිලියන 22.3යි, මාර්තු ඩොලර් මිලියන 54යි, අප්‍රේල් ඩොලර් මිලියන 145.6යි, මැයි ඩොලර් මිලියන 125.2යි, ජුනි ඩොලර් මිලියන 169.6යි, ජුලි ඩොලර් මිලියන 206යි, අගෝස්තු ඩොලර් මිලියන 255.7යි.

ඒ, අනුව වාහන ආනයන වෙනුවෙන් දරා ඇති වියදම ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති ආකාරය දැකගත හැකියි.

  1. සාමාන්‍ය මිනිසුන් චන්දෙ දුන්නෙ උන් ගැන බලයි කියලා හිතලා අන්තිමට. ඒකෙ අනිත් පැත්ත කෝට් පතියන්ට සැප වැඩි කරා. චන්දෙ එනකං ඉන්නෙ විට්ස් කාර් ගන්න අපි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55