2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පාකිස්ථානය පරදා ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (28) සමත් වුණා.
09 වන වරටත් ආසියානු ශූරතාව දිනාගැනීමට සමත් වූ සූර්යකුමාර් යාදෙව් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමට සිය සුබපැතුම් එක්කරන්නට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.
ඒ, සිය නිල එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබමින්.
“ක්‍රීඩා පිටියේ සින්ඩූර් මෙහෙයුම. ප්‍රතිඵලය එයමයි – ඉන්දියාව ජය ගනී! අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සුබ පැතුම්,” යනුවෙන් අගමැති මෝදි එම සටහන තබා තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ මෝදි අග්‍රාමාත්‍යවරයාගේ මෙම සටහන, ඉන්දීය හමුදා විසින් පාකිස්ථානයට එරෙහිව දියත් කළ ඔපරේෂන් සින්ධූර් මෙහෙයුම තරග ජයග්‍රහණයේ ප්‍රතිඵලය සමඟ සංකේතාත්මකව සම්බන්ධ කර ඇති බවයි.






