කඩුවෙල පාලම යට කැලණි ගඟෙන් මළ සිරුරක් ගොඩගනී – ගල් පුරවලා ඉනේ ගැටගහලා

කඩුවෙල පොලිස් වසමේ කඩුවෙල පාලම යට කැලණි ගඟෙහි තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් සොයාගෙන තිබෙනවා.

කඩුවෙල පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත ඊයේ (28) මෙම මළ සිරුර සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, මෘත ශරීරය වයස අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙකුගේ බවයි වාර්තා වන්නේ.

කලිසමක පාද කොටස් ගැට ගසා එහි ගල් පුරවා මරණකරුගේ ඉනෙහි ගැට ගසා තිබී ඇති බවයි පොලිසිය විසින් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනය වෙත භාර දී තිබෙනවා.

කඩුවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52