IPL සඳහා සමුදුන් අශ්වින් ඕස්ට්‍රේලියාවේ BBL පිටියට

පසුගිය දිනයකදී ඉන්දීය ප්‍රිමියර් ලීගයෙන් සමුගත් ඉන්දීය දඟ පන්දුයවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් මීළග තරගවාරයේ සිට ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තාවනවා.

ඒ අනුව සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ඔහු තරග වැදීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීගයේ නිල සමාජ මාධ්‍යන්හි නිවේදනයක් නිකුත් කරමින් එහි සංවිධායකයන් විසින් රවිචන්ද්‍රන් අශ්විනගේ මෙම තීරණය පිළිබද තහවුරු කොට තිබෙනවා.