දැවැන්ත සමුද්‍රීය පරිසර විනාශයක්

කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් අදත් (28) ප්‍රදේශ කිහිපයක වෙරළට ගොඩගසා තිබුණි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ මෙය දැවැන්ත සමුද්‍රීය පරිසර විනාශයක් බවය.

නෞකාවේ තිබූ බහාලුම් කොටස් සුන්බුන් සහ භාණ්ඩ පානදුර සිට කළුතර දක්වා වෙරළ තීරයේ ස්ථාන කිහිපයකට අද  ගොඩගසා තිබුණි.

ඒ අතර මියගිය මසුන් ද දක්නට ලැබේ.

නෞකාවේ තිබූ තවත් බහාලුමක් අද වත්තල පමුණුගම ප්‍රදේශයේ වෙරළට ගොඩගසා තිබුණි.

එමෙන්ම මොරටුව එගොඩ උයන වෙරළට මියගිය කැස්බෑවෙකු ද අද ගොඩගසා තිබුණි.

එලෙස ගොඩගසා තිබූ මියගිය මසුන් අත්තිඩිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කළ අතර එහිදී එම මසුන්ගේ කුස තුළ නෞකාවෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් කැබලි තැන්පත්ව තිබූ ආකාරය දක්නට ලැබුණි. 

නෞකාවේ සුන්බුන් ගොඩගැසුණු උස්වැටකෙයියාවේ සිට මීගමුව දක්වා වන වෙරළ තීරය පිරිසිදු කිරීම අදත් සිදුවිය.

දුන්ගල්පිටිය මුහුදු තීරය පිරිසිදු කිරීම සඳහා ගුවන් හමුදාව භටයින් 250ක් හා සරක්කුව මුහුදු තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා භටයන් 100කට අධික පිරිසක් එක්ව සිටියහ.

මේ අතර නෞකාවෙන් සාගර ජලයට එක් වූ අපද්‍රව්‍ය හා තෙල් මීගමුව කලපුවට එක්වීම වැළැක්වීමට මෝය කට අසන්නයේ මන්කුළි පාලමෙන් විශේෂිත දැලක් යොදා තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?