පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන්ට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක මාර්ග බාධක වල රාජකාරි කරන පොලිස් නිලධාරීන්, පුද්ගලයන් සහ වාහන පරීක්ෂා කිරීමේදී ජනතාව අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු නොකළ යුතු බවට පොලිස්පතිවරයා එම චක්‍රලේඛය මගින් දැනුවත් කර තිබේ.
මාර්ග බාධක වල රාජකාරි කරන පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේදී සහ පුද්ගලයන් පරික්ෂා කිරීමේදී ඔවුන් අපහසුතාවයට පත්වන පත් වන අයුරින් සහ පරිභව වන අයුරින් කටයුතු කරන අයුරු මාධ්‍ය මඟින් වරින් වර ප්‍රචාරය කර තිබූ බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ. මෙවැනි ක්‍රියාවන් තුළින් එම පුද්ගලයන් සමාජය ඉදිරියේ අවමානයට ලක්වන අතර එය පොලිසියේ අභිමානයට මෙන්ම කීර්ති නාමයට කැළලක් ඇති වන බවද පොලිස්පතිවරයා දැනුම් දී ඇත. මින් ඉදිරියට නිලධාරීන්ගේ මෙවන් හැසිරීම් මාධ්‍ය මඟින් ප්‍රචාරය වුවහොත් අදාල පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව දුර්වල අධීක්ෂණය යටතේ කටයුතු කරන බවටද පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත




