ආසියානු කුසලානයේ පළමු වටයට අදාළව ශ්‍රී ලංකාව තරග වැදුණු අවසන් තරගය ද ජයග්‍රහනයකින් නිම කරමින් අපරාජිතව සුපිරි සිවුදෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකාව ඊයේ (18) රාත්‍රියේ සමත් වුණා.
ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහිව කඩුලු 06ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනිමින්.
තරගය ආරම්භයේ සිට ආක්‍රමණශීලීව සහ මනා පාලනයකින් යුතුව පන්දු යැවූ ශ්‍රී ලංකා පන්දුයවන්නන් තරගයේ ජය මාවත විවර කර දුන්නා.
එහිදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විසින් ලකුණු 18ක් තුළ කඩුලු 04ක් දවා ගැනීමට සමත් වූ අතර ඔහුගේ එම පන්දු යැවීම වාර්තා පොත් අතරට එක්වුණේ විස්සයි විස්ස ආසියානු කුසලානයක ශ්‍රී ලංකා පන්දුයවන්නෙක් විසින් සටහන් කළ හොඳම පන්දු යැවීමේ වාර්තාව ලෙසයි.
මීට පෙර එම වර්තාවට හිමිකම් කියනු ලැබුවේ ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨම වේග පන්දු යවන්නෙක් වූ ලසිත් මාලිංග වන අතර ඔහු විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 26ක් තුළ කඩුලු 04ක් දවා ගනිමින් එම වාර්තා පිහිටුවා තිබුණා.
සුපිරි 04 දෙනාගේ වටයට පිවිසි ශ්‍රී ලංකාව මුහුණ දෙනු ලබන ප්‍රථම තරගය හෙට (20) බංගලාදේශය සමඟින් ඩුබායි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.















