මාලිංග සතුවූ වාර්තාවක් පොඩි මාලි, ඔහුගේ නමින් ලියාගනී

ආසියානු කුසලානයේ පළමු වටයට අදාළව ශ්‍රී ලංකාව තරග වැදුණු අවසන් තරගය ද ජයග්‍රහනයකින් නිම කරමින් අපරාජිතව සුපිරි සිවුදෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකාව ඊයේ (18) රාත්‍රියේ සමත් වුණා.

ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහිව කඩුලු 06ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනිමින්.

තරගය ආරම්භයේ සිට ආක්‍රමණශීලීව සහ මනා පාලනයකින් යුතුව පන්දු යැවූ ශ්‍රී ලංකා පන්දුයවන්නන් තරගයේ ජය මාවත විවර කර දුන්නා.

එහිදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විසින් ලකුණු 18ක් තුළ කඩුලු 04ක් දවා ගැනීමට සමත් වූ අතර ඔහුගේ එම පන්දු යැවීම වාර්තා පොත් අතරට එක්වුණේ විස්සයි විස්ස ආසියානු කුසලානයක ශ්‍රී ලංකා පන්දුයවන්නෙක් විසින් සටහන් කළ හොඳම පන්දු යැවීමේ වාර්තාව ලෙසයි.

මීට පෙර එම වර්තාවට හිමිකම් කියනු ලැබුවේ ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨම වේග පන්දු යවන්නෙක් වූ ලසිත් මාලිංග වන අතර ඔහු විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 26ක් තුළ කඩුලු 04ක් දවා ගනිමින් එම වාර්තා පිහිටුවා තිබුණා.

සුපිරි 04 දෙනාගේ වටයට පිවිසි ශ්‍රී ලංකාව මුහුණ දෙනු ලබන ප්‍රථම තරගය හෙට (20) බංගලාදේශය සමඟින් ඩුබායි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17