කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රි ලංකාව පත් කිරීම රජයේ අරමුණයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රි ලංකාව පත් කරමින් රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිලකට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ජාතික විදුලි බල පද්ධතියේ අවශ්‍යතාවයෙන් 12% හෙවත් මෙගා වොට් 350ක් ලබාදෙන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරය වීවෘත කිරීමේ අවස්ථාවට අද (17) දින එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පවසා සිටියා.

බලශක්ති ක්ෂේත්‍රයේ නිරතුරුව වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සහ නියාමන රාමු තුළ අනුවර්තනය වෙමින්, තිරසරභාවය සහ නවෝත්පාදනය පෙරදැරි කරගත් පරිවර්තනීය යුගයක් ලෝකය මේ වන විට පසු කරමින් සිටින බවත්, ගෝලීය ප්‍රවණතාවන් මෙසේ තිබියදී කලාපයේ විදුලි මිල අධික රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ ඉහළ ස්ථානයක බව ඇය සඳහන් කළා.

”දශක ගණනක් පුරා සිදු කළ වැරදි ආර්ථික කළමනාකරණය නිසා රට වැටී ඇති ආර්ථික ආගාධයෙන් ගොඩ ගැනීම සඳහා නිෂ්පාදන ආර්ථිකයක් වෙත පිවිසීමට ඇති ප්‍රධාන බාධකයක් වන්නේ මෙම දැරිය නොහැකි බලශක්තිපිරිවැයයි, අපේ රජය නව බලශක්ති ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කරමින් විශේෂයෙන් සූර්ය බලශක්තිය සහ සුලං බලශක්තිය භාවිතයට ගැනීම පිලිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සිටින්නේ අධික විදුලි පිරිවැය අවම කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව, කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත් කිරීම සඳහා ප්‍රසම්පාදන හා මිල කැඳවීම් ක්‍රියාවලිය සක්‍රීය කර තෙල් මත පදනම් වූ විදුලි ජනනය, සුර්ය හා සුළං බලය වැනි පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමු කිරීමට රජය කටයුතු කරමින් යනවා.” යැයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසනු ලැබුවා.

  1. ඇත්තටම අපිට විස්වාසයි ඒ දේවල් ඔබලා කරනාව කියලා 💪🙏🌹. සමහර අය හිතන් ඉන්නේ ආණ්ඩුවක් මාරුවුණ ගමන් සේරම කරන්න පුළුවන් කියලා උන් දන්නේ නැහැ මොකක්ද බංකොලොත් කියන්නෙ කියලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41