කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රි ලංකාව පත් කිරීම රජයේ අරමුණයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රි ලංකාව පත් කරමින් රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිලකට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ජාතික විදුලි බල පද්ධතියේ අවශ්‍යතාවයෙන් 12% හෙවත් මෙගා වොට් 350ක් ලබාදෙන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරය වීවෘත කිරීමේ අවස්ථාවට අද (17) දින එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පවසා සිටියා.

බලශක්ති ක්ෂේත්‍රයේ නිරතුරුව වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සහ නියාමන රාමු තුළ අනුවර්තනය වෙමින්, තිරසරභාවය සහ නවෝත්පාදනය පෙරදැරි කරගත් පරිවර්තනීය යුගයක් ලෝකය මේ වන විට පසු කරමින් සිටින බවත්, ගෝලීය ප්‍රවණතාවන් මෙසේ තිබියදී කලාපයේ විදුලි මිල අධික රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ ඉහළ ස්ථානයක බව ඇය සඳහන් කළා.

”දශක ගණනක් පුරා සිදු කළ වැරදි ආර්ථික කළමනාකරණය නිසා රට වැටී ඇති ආර්ථික ආගාධයෙන් ගොඩ ගැනීම සඳහා නිෂ්පාදන ආර්ථිකයක් වෙත පිවිසීමට ඇති ප්‍රධාන බාධකයක් වන්නේ මෙම දැරිය නොහැකි බලශක්තිපිරිවැයයි, අපේ රජය නව බලශක්ති ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කරමින් විශේෂයෙන් සූර්ය බලශක්තිය සහ සුලං බලශක්තිය භාවිතයට ගැනීම පිලිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සිටින්නේ අධික විදුලි පිරිවැය අවම කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව, කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත් කිරීම සඳහා ප්‍රසම්පාදන හා මිල කැඳවීම් ක්‍රියාවලිය සක්‍රීය කර තෙල් මත පදනම් වූ විදුලි ජනනය, සුර්ය හා සුළං බලය වැනි පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමු කිරීමට රජය කටයුතු කරමින් යනවා.” යැයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසනු ලැබුවා.

  1. ඇත්තටම අපිට විස්වාසයි ඒ දේවල් ඔබලා කරනාව කියලා 💪🙏🌹. සමහර අය හිතන් ඉන්නේ ආණ්ඩුවක් මාරුවුණ ගමන් සේරම කරන්න පුළුවන් කියලා උන් දන්නේ නැහැ මොකක්ද බංකොලොත් කියන්නෙ කියලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47