දීමනාලාභීන්ට සහ විශ්‍රාමිකයින්ට රජයෙන් නිවේදනයක්

2021 මැයි මාසයේ අදාළ විශ්‍රාම වැටුප්, ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප්, වැඩිහිටි සහ මහජන ආධාර දීමනා ගැනීමට නොහැකි වූ පිරිස් වෙත එකී දීමනා පමණක් ලබාගැනීමට හැකිවන පරිදි තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘතව තබන බව තැපැල් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

ඒ අනුව අද (28) සහ හෙට (29) පෙරවරු 9.30 සිට පස්වරු 2 දක්වා එම දීමනා පමණක් ලබා ගැනීමේ හැකියාව පවතී. එම දීමනා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, ගොවි/ධීවර විශ්‍රාම හැඳුනුම්පත, වැඩිහිටි/මහජනාධාර ගෙවීම් සඳහා නිකුත් කර ඇති හැඳුනුම්පත උපයෝගී කරගෙන තැපැල් කාර්යාල වෙත පැමිණීමේ හැකියාව ඇත. ඒ සම්බන්ධ වැඩි විස්තර 1950 කෙටි දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?