බන්ධනාගාර තුළ සිරකරුවන්ගේ තදබදයක් – හිරේ යන පුද්ගලයින් සංඛ්‍යාව අඩු කිරීම අරමුණයි – ඇමති හර්ෂණ

බන්ධනාගාරයට පුද්ගලයින් යොමුවීම අඩු කිරීම අරමුණ විය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ 08, සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතන නගරෝදය ශ්‍රවණාගාරයේ පැවති 27 වන ජාතික සිරකරු දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමින්.

බන්ධනාගාරගත රැඳවියන් වෙනුවෙන් පහසුකම් සපයමින් සිරකරුවන් වෙනුවෙන් සිරකරු සුභ සාධක සංගමය විසින් සිදු කරනු ලබන සේවය ප්‍රශංසනීය බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

අද වන විට බන්ධනාගාර තුළ සිරකරුවන්ගේ විශාල තදබදයක් වී තිබෙන බව අමාත්‍යවරයා එම තදබදය අඩු කරමින් අවශ්‍ය පහසුකම් සැපයීම වගකීමක් බව පැවසුවා.

දුප්පත්කම හේතුවෙන් බන්ධනාගාරගත වන සංඛ්‍යාව වැඩි වී ඇති බව සඳහන් කළ ඔහු, වත්මන් රජයේ අරමුණ රටේ සමාජ සාධාරණත්වය තුළින් ආර්ථික දියුණුව ඇති කිරීමෙන් බන්ධනාගාරගත වන සංඛ්‍යාව අඩු කිරීම බවයි සඳහන් කර සිටියේ.

බන්ධනාගාරගත වන සියලු දෙනාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි පහසුකම් ඇති කිරීම අතිශයින්ම වැදගත් බව පේනවා දුන් ඔහු, නීතිය ඉදිරියේ සියලු දෙනාම එක හා සමාන බවයි පැවසුවේ.

රජයක් ලෙස නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් සමානාත්මතාවය යුතු රටක් නිර්මාණය කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03