නීති විරෝධී ජීප් රථ 02ක් සමඟ වත්තේගම නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

නීති විරෝධීව ජීප් රථ දෙකක් ආනයනය කර, ව්‍යාජව ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වත්තේගම නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු දෙදෙනෙකු අත්අඩගුවට ගෙන තිබෙනවා.

අත්අඩගංගුවට ගත් වත්තේගම නගර සභාවේ හිටපු සභාපති ලෙස කටයුතු කල රවීන්ද්‍ර බණ්ඩාර 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත් පත් වූ අයෙක්.

ලැබුණු තොරතුරක් මත මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

සැකකරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වෙනස් කරමින් අදාළ ජීප් රථ දෙක ලියාපදිංචි කිරීම් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෙකුගේ ද සහාය ලැබී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පොලිස් භාරයට ගත් ජීප් රථ දෙක ඉදිරි විමර්ශන සදහා මැණික්හින්න පොලිසියට භාර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?