නීති විරෝධී ජීප් රථ 02ක් සමඟ වත්තේගම නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

නීති විරෝධීව ජීප් රථ දෙකක් ආනයනය කර, ව්‍යාජව ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වත්තේගම නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු දෙදෙනෙකු අත්අඩගුවට ගෙන තිබෙනවා.

අත්අඩගංගුවට ගත් වත්තේගම නගර සභාවේ හිටපු සභාපති ලෙස කටයුතු කල රවීන්ද්‍ර බණ්ඩාර 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත් පත් වූ අයෙක්.

ලැබුණු තොරතුරක් මත මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

සැකකරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වෙනස් කරමින් අදාළ ජීප් රථ දෙක ලියාපදිංචි කිරීම් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෙකුගේ ද සහාය ලැබී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පොලිස් භාරයට ගත් ජීප් රථ දෙක ඉදිරි විමර්ශන සදහා මැණික්හින්න පොලිසියට භාර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10